පුංචි කාලේ අපිට උගන්නපු ජාතික වීරයෝ වෙනුවට වර්තමානය
වෙද්දි superman, batman,spiderman වගේ අය ආදේශවෙලා, ඒක නිසාම ළමයින්ගේ මනස දුෂණය
වෙලා කියල ලොකු චෝදනාවක් මේ වෙලාවේ සමාජය තුල තහවුරු වෙලා තියෙනවා නේද? ඉතිං මේ
හදන්නේ ළමයි වැරදියිද දෙමවුපියෝ වැරදියිද කියන්න නෙවෙයි.ජාතික වීරයෙක් ගැන කතා
කරන්න.කතා කරන දේවල් එක්ක ටිකක් විතර අවුල් යයි.ඒක හෙනම සාධාරණයි.ඒත් මේ මට හිතෙන
හැටි...
මුලින්ම කියන්නම් මද්දුම බණ්ඩාර ගැන...මද්දුම
බණ්ඩාරගේ පවුල ගැන, ඒ පවුල මුහුණ දුන්න අභාග්‍ය සම්පන්න ඉරණම ගැන විස්තර ඕන තරම් හොයාගන්න
පුළුවන් වේවි අන්තර්ජාලය හරහා.එහෙම හොයනකොට තමයි විකිපීඩියා එකෙන් උපුටා ගත්ත පහත
වගන්තිය හමුවුනේ.
“While Madduma Bandara's brother was
frighten to face the death, he stepped forward bravely asking the executioner
to behead him at the first strike”
ඒකෙන් කියනවා අයියා මැරෙන්න බයවෙලා ඉඳපු වෙලාවේ ඉස්සරහට
ගියපු මද්දුම බණ්ඩාර කියනවා එක කඩු පහරකින් මගේ ගෙල සිඳින්න කියලා. මද්දුම බණ්ඩාර
මැරෙනකොට එයාට වයස අවුරුදු 8යි.දැන් කල්පනා කලෝතින් 3 වසරෙ නේද? 3 වසරෙ පොඩි එකෙක්ට
මරනවා කියන එක මොන වගේ හැඟීමක් ඇතිකරාවිද ? වර්තමානෙට ආවොතින් නම් දැන් කාලේ
මොන්ටිසෝරි යන එකෙක් පවා දන්නවා මරනවා කියන වචනේ.මොකද පොඩිඋන් බලන tv channel එකේ
මරනවා කියන වචනේ දවසට කී වතාවක් කියවෙනවා ඇත්ද? පොඩි එකෙක් කියවන පත්තරේක මරනවා
කියන වචනේ කී වතාවක් ලියවිලා ඇත්ද?පොඩි එකා සෙල්ලම්කරන computer game එකක මරනවා
කියන දේ කොයි තරම් දුරකට ඇත්ද? මේ විදියට පොඩි උන් තව එකෙක්ව මරන්න හරි තමාට මැරෙන්න
හරි පුළුවන් බව දැන ගනීවි.හැබැයි ඌට මරණය කියන්නේ මොකද්ද කියල ලොකු තේරුමක්
නැතිවෙයි නේද?
දැන් තමයි ඔයාලට තරහ යන ටික කියන්න යන්නේ.ඉතිං
හිතන්නකෝ ඒ කාලේ ගැන.ඉස්සෙල්ල මම කිව්ව tv වත්, පත්තරවත්, games වත් ඒ කාලේ තිබුනේ නෑ නේද? ඉතිං ඒ කාලේ අවුරුදු 8ක පොඩි
එකෙක්ට මරණය ගැන මෙලෝ අදහසක් තියෙන්න නැතුව ඇති.සමහරවිට කවුරුහරි ඇවිත් මරනවා
කිව්වොතින් ඒක හෙන විහිළුවක් වගේ දැනෙන්න ඇති.අයිය මැරෙන්න බය උනාට මල්ලි බෙල්ල
තියල එක පාරින් මාව මරන්න කියන්න ඇත්තේ ඇත්තටම මරනවා කියන දේ ගැන මොකක් වත් අදහසක්
පුංචි මද්දුම බණ්ඩාරගේ හිතේ ඒ වෙලාවේ තියෙන්න නැතුව ඇති.හැබැයි එහෙම මැරුණ මද්දුම
බණ්ඩාර තමයි අපේ රටේ පොඩිඋන්ගේ ආදර්ශය... අපේ රටේ ජාතික වීරයා...
එස්.මහින්ද හාමුදුරුවෝ නැත්තං අනගාරික
ධර්මපාලතුමා ගැන හොයල බලන්නකෝ.පොත් ගණන් හොයාගන්න පුළුවන් වේවි.ජාතිකත්වය ගැන
මහින්ද හාමුදුරුවෝ කවි ලිව්වා තමයි.ඒත් හෙන අවුලක් මට දැනෙනවා.
බෑ
ඉවසන්නට බෑ ඉවසන්නට
අම්මෙනි
පෙම්බර ලංකා
මා
සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
පුපුරන්නෙය
කෝප විකාරෙන්
ඈ
සනසන්නට සිංහල ලේ ඇති
සිංහල
කොල්ලකු අය්යෝ
දැන්
උපදින්නෙම නැද්ද උපුල්වන්
දෙව්රජුනේ
ලක රක්නා
එයා
කවිය ඇතුලෙදි වපුරන්නේ ජාතිවාදය නේද? මොකද ඕන උනේ පෙම්බර ලංකා අම්මව බේරගන්න
තමයි.ඒත් හොයන්නේ සිංහල ලේ ඇති කොල්ලෙක්වයි.ලේවල සිංහලද දෙමළද කියල වෙනසක් නෑ කියල
අපි හැමෝම දන්නවා තමයි.එහෙනං මේ කතාකරන්නේ කාටද? කොහෙටද? මේ කතාකරන්නේ ලේවල සිංහල
හරි දෙමල හරි පාට හොයන පොඩි පිරිසකට නේද? එයාලගේ හිත්වලට නේද? ඒක හින්ද නේද
කියන්නේ අපි එකතුවෙලා රට බේරගන්නව වෙනුවට සිංහලයෝ එන්න අපි බේරාගමු කියලා.ධර්මපාලතුමා
සලකන්නකෝ.එයා කතා කලෙත් අර ඉස්සෙල්ල කිව්ව ලේවල පාට හොයන මිනිස්සු කීප දෙනාට නේද?
එයාගේ සටන් පාඨය උනේ “ගෙරි මස් කෑම ප්‍රතික්ෂේප කරනු” කියල නේද? ඇත්තටම හරකට තිබුන
ආදරේට එහෙම කරන්න ඇතිද? මොන බොරුද එතන ආමන්ත්‍රණය කරන්නේ මුස්ලිම් විරෝධී සිංහලයින්ටනේ.
වර්තමානෙට
එමුකො.නිර්ධන පන්තියේ මිනිහෙක්ට යුද්ධයක් ඕනද? එහෙම නැත්තං යුද්ධය ඕන කාටද? ඇත්තටම
ඔබට මට ජීවත්වෙන්න අවශ්‍ය මුලික අවශ්‍යතා අතරේ යුද්ධය කියල එකක් තියෙනවද? නෑ නේද? අපි කැමති සහයෝගයෙන් ජීවත්වෙන්න නේද? හැබැයි පාලකයොන්ට එහෙම බෑ පාලකයොන්ට යුද්ධය ඕන.එයාල ආගම, ජාතිය කියන වචනේ පාවිච්චි කරන්නේ ඔයාලට
ආදරේට නෙවෙයි, එයාලගේ පැවැත්ම තහවුරු කරගන්නයි.ඉතිං එස්.මහින්ද හාමුදුරුවොගෙයි,
ධර්මපාලතුමාගෙයි, මහින්දගෙයි, ඥානසාරගෙයි, ප්‍රභාකරන්ගෙයි ලොකු වෙනසක් මටනම්
පේන්නෙ නෑ.වියයුත්තේ ආගම රාජ්‍යයෙන් වියුක්ත වීම මිසක ආගම අහෝසි වීම නොවෙයි.
ඉතිං
අපි ඉපදුන දවසේ ඉඳන් කතාකරන ජාතික වීරයෝ ඇත්තටම ජාතික විරයෝද? එහෙම නෙවෙයි නං වෙන වීරයෝ ඉන්නවද? ඉන්නවනං රාජ්‍ය අධ්‍යාපනය අස්සේ මකල දාන එයාලව ඉස්මතුකරලා ගන්න කාලේ
හරිනේද?



No comments:
Post a Comment